What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]

Legend of the Seeker (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x10

Sacrifice

ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් අරගෙන ආවා බයිස්කෝප් අඩවියෙන්. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ දහ වෙනි කොටස එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ.

පසුගිය කොටසින්…. රූකඩ නටන්නෙක් විදිහට වෙස්වලාගෙන ටාමරන්ග් වල මිලේනා රැජිණියගෙ මාළඟාවට සෙඩ් ඇතුල්වෙන්නෙ තෙවැනි ඕර්ඩන් පෙට්ටිය ඩාර්කන් රහ්ල්ට කලින් ලබාගෙන ඒක රහ්ල්ගෙන් ආරක්ෂා කරගන්න. මාළිඟාවෙදි සෙඩ්ට හමුවෙනවා පුංචි දැරියක් රැචෙල් එයාගෙ නම. පුංචි වුනත් බොහොම නිර්භිත දැරියක්. එයා තමයි සෙඩ්ගෙ උදව් කාරිය වෙන්නෙ. අන්තිමට නිධානාගාරයෙන් ඕර්ඩන් පෙට්ටිය ලබාගන්න සෙඩ්ට ඒක මාළිඟයෙන් එළියට එවන්න සිද්ධ වෙන්නෙ රැචෙල් අතේ. මොකද,ඩාර්කන් රහ්ල් පැමිණෙනවා ඕර්ඩන් පෙට්ටිය වෙනුවෙන්. සෙඩ්ව නොහිතපු විදිහට කොටු වෙනවා. ඩාර්කන් රහ්ල් සෙඩ්ගෙ හිසගසා දමනවා. ඒත් අවසානයෙ තමා දැනගන්නෙ සෙඩ් මායාවක් කරලා පැනගෙන කියලා…

අද….

ඕර්ඩන් පෙට්ටියෙ ආරක්ෂාව තහවුරු කල රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් තමන්ගෙ මෙහෙයුමේ දිගටම යෙදිලා ඉන්නවා. මේ අතරෙ කෙයිලාන්ව හොයාගෙන එනවා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය සහ තවත් පාපොච්චාරණය කරන්නියන් කීප දෙනෙක්.එතනදි තමා දැනගන්නෙ ඩාර්කන් රහ්ල් පාපොච්චාරණය කරන්නියන් දඩයම පටන් අරන් කියලා.ඉතිරි වෙලා ඉන්නෙ මේ පිරිස විතරයි.ඔතනට එනව ෆින් කියලා තරුණයෙක්.එයා එන්නෙ ඩෙනීව හොයාගෙන.ඩෙනී මතකයිනෙ..පළවෙනි කොටසෙදි සීකර් සොයා යාමේදි ජීවිතය පුජා කරන කෙයිලාන්ගෙ සහෝදරිය තමා ඩෙනී.කෙයිලාන් හිතන්නෙ ඩෙනී මැරුණා කියලා. ඒත් ෆින් තවමත් ඉන්නෙ ඩෙනීගෙ පාපොච්චාරණය යටතේ..තම ස්වාමිදුව මියගියහොත් පාපොච්චාරණය වුවන්ගෙ බන්ධනය බිඳෙන්න ඕනි.. ඒක බිඳෙන්නෙ ඒ විදිහෙන් විතරයි.එහෙනම් ඩෙනී,කෙයිලාන්ගෙ සහෝදරිය ජීවතුන් අතරද?එහෙනම් එයා කොහේද ඉන්නෙ?එයා මොනවද කරන්නෙ?එයාට මොනවද වුනේ?

මේ ප්‍රශ්ණ වලට උත්තර ඔයලට මේ කොටසින්ම ලබාගන්න පුළුවනි.එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු මම ඔබෙන් අදට සමුගන්නම්.

Legend of the Seeker:- S1:E10
Legend of the Seeker:- S1:E10
Jan. 24, 2009

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope