What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]

Legend of the Seeker (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x9

Puppeteer

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ නව වෙනි කොටසත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නෙ. ඩාර්කන් රහ්ල්ගෙ සුවීශේෂි ආරක්ෂකයින් වූ මෝඩ්-සිත් සෙබළියන් එක්ක තමා පහුගිය කොටසෙදි සීකර්ට සටන් කරන්න වුනෙ. මායාවන් වලින්වත් මෙල්ල කරන්න බැරි මෝඩ්-සිත්ලගෙ බලය, දරාගැනීමේ ශක්තියත් කෙයිලාන් වෙනුවෙන් බැඳුන ආදරයේ ශක්තියත් එක්තැන් කරගෙන සීකර් විසින් ඉක්මවලා යනවා. කෙයිලාන්ට සහ රිචඩ් නැත්නම් සීකර්ට කවදාවත් එකතුවෙන්න බැරි ඇයි කියලත් රිචඩ් දැනගන්නවා. දෙදෙනාගෙම හිත් වල මෝර එන ආදරය සිත් තුලම තැන්පත් කරගෙන ඩර්කන් රහ්ල්ව විනාශ කිරීමේ මෙහෙයුම නැවත ඇරඹෙනවා.

ක්ලාබ්රා වල ඕර්ඩන්ගෙ පෙට්ටිය රහ්ල්ගෙ සොල්දාදුවන් ලබා ගත්තා ඔයාලට මතක ඇති. මේ කොටසෙදි ඒක රහ්ල් අතට පත්වෙනවා. එයින් ඔර්ඩන්ගෙ පෙට්ටි දෙකකට හිමිකම් කියන රහ්ල්ට මුළු ලෝකයම වහලුන් බවට පත් කරගෙන සුපිරි බලයක් ලබාගන්න තවත් එකම ඕර්ඩන්ගෙ පෙටිටියයි ලබා ගන්න ඉතිරි වෙලා තියෙන්නෙ. මේ ඕර්ඩන්ගෙ පෙට්ටිය තියෙන්නෙ ටාමරන්ග් වල මිලේනා රැජිණගෙ නිධානාගාරයෙ තැන්පත් කරලා. ඩාර්කන් රහ්ල් සූඳනම් වෙනවා මිලේනා රැජිණියගෙ සියළුම ඉල්ලීම් ලබා දීලා ඔර්ඩන් පෙටිටිය හිමි කරගන්න. රහ්ල් සුඳානම් වෙනවා වගේම රිචඩ්, කෙයිලාන් සහ සෙඩ් අපේ වීරයො තුන්දෙනාත් තෙවැනි ඕර්ඩන් පෙට්ටිය රහ්ල්ගෙන් අතට පත්වීමට නොදී ආරක්ෂා කරගන්න සූඳානම් වෙනවා.

ඉතින් ඔයාලට මේ කොටසින් බලා ගන්න පුළුවනි කවුද ඕර්ඩන් පෙට්ටිය ලබාගන්නෙ, කොහොමද ලබා ගන්නෙ කියලා. අද කොටසෙදි පළවෙනි වතාවට අපේ වීරයො තුන් දෙනාගෙන් කෙනෙක් ඩාර්කන් රහ්ල්ට බොහොමත්ම ලං වෙනවත් ඔයාලට බලාගන්න පුලුවන් වේවි.

එහෙනම් ඉතින් තවත් කියනවට වඩා කතාව බලලම රසවිඳින එක වඩා හොඳයිනෙ නේද?එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු ඔබෙන් සමුගන්නම් අදට..♠

Legend of the Seeker:- S1:E9
Legend of the Seeker:- S1:E9
Jan. 17, 2009

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope