What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]

Legend of the Seeker (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x8

Denna

පහු ගිය කොටසින්…

අනාගතය දකින්න හැකියාවක් තියෙන ශෝටා කියන මායාකරිය ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙනවා දකිනවා. ඉතින් ශෝටා අනතුරු හඟවනවා සීකර්ට ක්ලාබ්රා නොයන ලෙස. ඒත් සීකර් තම අදහස වෙනස් කරන්නෙ නෑ. මේ නිසා ශෝටා කරන්නෙ සීකර්ගෙ අනන්‍යතාවය වෙනස් කරන එක. ග්‍රිෆ්ව රිචඩ් බවටත් රිචඩ්ව ග්‍රීෆ් බවටත් හරවන ශෝටා සීකර් වෙනුවට ග්‍රිෆ්ට ක්ලාබ්රා යාමට සලස්වනවා. එතකොට රිචඩ් ග්‍රීෆ් විදිහට ග්‍රිෆ්ගෙ විවාහ මංගල්‍යයෙ හිරවෙනවා. ඒත් අවසානයෙ ක්ලාබ්රා වලට පැමිණෙන රිචඩ් ග්‍රිෆ්ව මරණයෙන් ගලවාගන්නවා. ඒත් සියල්ලෙන් පසුව ශෝටා පැමිණ තවත් අනතුරු හැඟවීමක් කරනවා, සීකර්ට. ඒ ලඟින්ම ඉන්න කෙනෙක් සීකර්ව පාවා දෙන බව. සුදු ඇඳගත්ත කෙනා සීකර්ට ද්‍රෝහි වෙන බව. ඒ කියන්නෙ කෙයිලාන්… ඔන්න ඔය ආකාරයටයි හත්වෙනි කොටස නිමාව දකින්නෙ.

ඉතින් ශෝටාගෙ අනතුරු හැඟවීම නිසා කෙයිලාන් රිචඩ්ව හා සෙඩ්ව අතහැර යන්න සූඳනම් වෙනවා. මේකට තවත් හේතුවක් තියෙනවා ඒ රිචඩ් හා කෙයිලාන්ගෙ හිත් වල දළුලන ඒත් සඟවගෙන ඉන්න ආදරය. කොහොමහරි රිචඩ් සහ සෙඩ්ගෙ ඉල්ලීම් වලට අවනත නොවී කෙයිලාන් ඔවුන්ගෙන් ඉවත්වෙලා යනවා. ඒ යන්නෙ සීකර්ගෙ මෙහෙයුමට වෙනත් පාපොච්චාරණය කරන්නියක් එවීමේ අරමුණද ඇතිව. ඒත් රිචඩ් සහ සෙඩ් මේ අතරෙ පහර දීමකට ලක්වෙනවා. ඒ ඩාර්කන් රහ්ල්ගෙ විශේෂ බලකායක් වන මෝඩ්-සිත් බලකායෙ පහරදීමක්. මෝඩ්-සිත් කියන්නෙ බොහොම බලවත් පිරිසක්. එයාලට විරුද්ධව මායාවන් යොදාගන්න බැහැ. ඉතින් රිචඩ්ව මෝඩ්-සිත්ලා අල්ලගන්නවා.සෙඩ්ට පලායන්න සිදුවෙනවා. අපි බලමු මේ කොටසින් මෝඩ්-සිත්ලා කියන්නෙ කවුද? එයාලා සීකර්ට කරන්න යන්නෙ මොකක්ද? එතකොට කෙයිලාන් සහ සෙඩ්ට සීකර්ව බේරගන්න හැකිවෙයිද? එයාලට උදව් කරන්න ඉදිරිපත්වෙන්නෙ කවුද? කියලා..

එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!

Legend of the Seeker:- S1:E8
Legend of the Seeker:- S1:E8
Jan. 10, 2009

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope