සුභ දවසක් හැමෝටම!!
එහෙනම් මේ තමයි ඔයාලා බලාගෙන හිටිය අටවෙනි කොටස. අද කොටස ආරම්භයේදී ඕටිස් දකිනව තමන්ගේ අම්මා එයා ගැන ලියමින් ඉන්න පොතේ පිටු කිහිපයක්. ඒකට හොඳටම මල පැනලා මිනිහා අම්මට බැනගෙන බැනගෙන යනවා. ඉස්කොලෙ ප්‍රධානාචාර්‍ය ග්‍රොෆ් මහතා මේව් වයිලිව සැකකරනවා අර මත්ද්‍රව්‍ය වෙලඳාම කරපු එකට. නමුත් ඇත්තටම ඒක කලේ ශෝන්. පස්සේ ඔහු ශෝන්ව පොලිසියට අල්ලලා දෙනවයි කියලා කියපු නිසා මේව් ඒකෙ වැරැද්ද තමන් පිටින් දාගන්නවා. ඒ වැරැද්ද නිසා ඔහු මේව්ව ඉස්කෝලෙන් අයින් කරලා දානවා. ඉතින් ඒ අතරේ ජීන් යාකොබ්ව හම්බෙලා කියනවා ඒ දෙන්නා අතරෙ කිසිම සම්බන්ධයක් පවත්වාගෙන යන්න එයාට අපහසුයි, ඒ තමන්ගෙ පුතාව ලොකුමහත් කරන්න තියෙන අවශ්‍යතාවය නිසා කියලා. ඉතින් මං මීට වැඩිය කතාකරන්න යන්නේ නෑ, අද අවසන් කොටස නිසා ඔයාලාම මේ කොටස රසවිඳින්න.
අවසාන වශයෙන් මෙතෙක් කල් අපිත් එක්ක රැඳිලා හිටිය හැමෝටම ස්තූතිවන්න වෙනවා. දෙවෙනි කතාසමය රැගෙන එන පොරොන්දුව පිට දැනට සමුගන්නම්.
එහෙනම් අපි මෙ පලවෙනි කතා මාලාවෙ අන්තිම කොටස බලමු…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |