සුභ දවසක් හැමෝටම!!
මෙ කොටස නම් තනිකරම තියෙන්නේ බ්ලැක්මේල් සීන් එකක් වටා. අර රූබි කියන කෙල්ලගෙ පෞද්ගලික ස්ථානයක පොටෝ එකක් පිටවෙලා තියෙනවා. ඉතින් ඒක කලේ කවුද , කුමන හේතුවක් නිසාද කියන කාරණය මත තමයි අද කොටස නිර්මානය වෙලා තියෙන්නේ. දැන් මේ පරීක්ශනේ තනිකරම බාරව ඉන්නේ මේව් සහ ඕටිස්. ඉතින් අපි බලමු එයාලා කරුණු කාරනා එකතුකරගෙන මේකට වගකිවයුත්තා හොයාගනියිද කියලා.
ඒ අතරේ ජැක්සන් කියනවා මේව්ට එයාලගෙ ගෙදර කෑමකට එන්න කියලා. ඉතින් බෑ කියන්නත් බැරිකමට මේව් එහාට යනවා, හැබැයි ඒ හමුවීම වැඩිය හොඳ උනේ නෑ, මොකද එයාලගෙ අම්මලා ටිකක් අමාරුකාරයෝ.
ඒවගේම අද එරික්ගේ උපන්දිනය. ඕටිස් සහ එරික් උපන්දිනය සමරන්න කියලා යන්න හදද්දිම මේව් ආයෙත් අර ප්‍රශ්නේ ඇදලා අරගෙන ඕටිස්ව ඒ ප්‍රශ්නේ විසඳන්න අරගෙන යනව. ඉතින් ඒ නිසා ඕටිස්ට එරික් එක්ක යන්නත් බැරිවෙනවා. අපි බලමු එහෙනම් මෙ කොටසේදිමේ සේරම විසඳෙන්නේ කොහොමද කියලා.
එහෙනම් අපි මෙ පස්වන කොටස බලමු…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |