මේක ඇවිල්ලා ඒක කොල්ලෙක්ගේ ජිවිතය වෙනස් කරපු ආදරයක් ගැන කතාවක්, කතාවට යමු.
ඉතින් අපේ මේ කතාවේ කොල්ලාගේ නම ශ්රීනු එයාට අම්මා තාත්තා නංගි තමයි ඉන්නේ. ශ්රීනුට රස්සාවක් නෑ ඔහේ යාළුවෝ එක්ක රොන්දේ ගාගාහා ඉන්නවා. තාත්තාට තමයි රස්සාවක් තියෙන්නේ එකත් මේ පැත්තේ ඉන්න පේද්දා රෙඩ්ඩි මැර සල්ලි කාරයෙක්ගේ සිනමාශාලාවක. ඉතින් මේ තාත්තා බයෙන් ඉන්නේ ශ්රීනු මොනවා කර ගනීද කියලා. හදිසියේම ශ්රීනු කෙල්ලෙක්ට කැමති වෙනවා එයාගේ නම මේඝනා. ඉතින් කෙල්ල මුලින් කැමති නෑ. ඒ අතරේ මේ පේද්දා රෙඩ්ඩි ශ්රීනුට කියනවා එයාට වැඩ කරන්න කියලා. ඉතින් ශ්රිනු කැමති වෙනවා. එත් ශ්රීනු ගේ තාත්තා කැමති නෑ. කොහොම හරි කෙල්ලත් සෙට් වෙනවා. ඊටපස්සේ දවසක බයිසිකලේ මේ දෙන්නා යනවා පේද්දා රෙඩ්ඩි දකිනවා. පේද්දා රෙඩ්ඩ් කෙල්ල ශ්රීනුගේ ගෙදර යනවා ගිහින් ශ්රීනු එනකම් ඉන්නවා. ශ්රීනු ආවට පස්සේ එයාට හොදටම ගහනවා, ගහන්නේ මොකද කියනවානම් මේ මේඝනා පේද්දා රෙඩ්ඩ්ගේ දුව. ශ්රීනු කියනවා මේඝනාත් එයාට කැමති කියලා. පස්සේ මේඝනා එතනට ගෙන්නලා අහපුවාම එයා කියනවා එහෙම දෙයක් ඒ දෙන්නා අතර නෑ කියලා. ඉතින් මුලු ගමම ඉස්සරහ ශ්රීනුයි එයාගේ පවුලයි ලැජ්ජා කරනවා මේ පේද්දා රෙඩ්ඩ්. ඊටපස්සේ ඌන් ගියාට පස්සේ ශ්රීනු කියනවා තාත්තාට මම වැරැද්දක් කලේ නෑ කියලා. එත් තාත්තා ගනන් ගන්නේ නැතුව උඹ මගේ පුතෙක් නෙමෙයි අද ඉදන් උඹ මැරිලා කියලා එලවනවා. ඊටපස්සේ ශ්රීනු මැරෙන්න කියලා යනවා යන්න.මෙතනින් එහාට බලමු ලස්සන කතාවක් හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.
Can’t take subtitle, I’m tried many times
Subtitles ගන්න බෑනේ