What's happening?

The Spy Who Dumped Me (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Spy Who Dumped Me (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

They got this.Aug. 02, 2018Canada117 Min.
Your rating: 0
5 1 vote

The Spy Who Dumped Me Sinhala Sub
The Spy Who Dumped Me Sinhala Subtitles
The Spy Who Dumped Me (2018) Sinhala Sub
The Spy Who Dumped Me (2018) Sinhala Subtitles

තමන්ගේ ජීවීතේ පරදුවට තියලා හරි මිනිස් ජීවීත බේරගන්න එක තමයි හුගක් රහස් නියෝජිතයින්ගේ පරමාර්ථය වෙන්නේ. හැබැයි හැමෝම එහෙම නොවෙන්න පුලුවන් මොකද මේ වෙද්දී නීතියෙ පුංචිම තැන ඉදන් ඉහලම තැන දක්වාම දුෂිත වෙලා ජරාවට පත්වෙලා තියෙන නිසා. ඔත්තුකරුවන් විදිහට සේවය කරපු කිංග්ස්මන් චිත්‍රපට එහෙමත් ඔයාලා නරඹලා ඇති. ඒ චිත්‍රපට වලම ඔයාලා දැකලා ඇති කී දෙනෙක් නම් දූෂිත පැත්තට නැඹුරු උනාද කියලා. ඩ්‍රිව් තේයර් කියන්නේ ඔත්තුකරුවෙක් විදිහට CIA එකේ රහස් ඔත්තුකරුවෙක් විදිහට කටයුතු කරලා පසු කාලීනව දූෂිත පැත්තට නැඹුරු වුන කෙනෙක්. මේ නිසාම  ඩ්‍රිව්ව මරන්න මිනිස්සු එයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. මේ කාලෙදිම තමයි ඩ්‍රිව් තමන්ගේ පෙම්වතිය වෙච්ච ඕඩ්‍රේ එක්ක තිබ්බ සම්බන්ධෙ පවා නවත්තලා දානවා. මේ දෙන්නගේ වෙන්වීම නිසාම ඕඩ්‍රේ තමන්ගේ උපන්දිනය දවසේ පවා හුගාක් දුකින් ගත කරන්නේ. ඕඩ්‍රේගේ හොදම යාලුවා මෝගන් පුංචිම පුංචි උපන්දින සාදයක් බාර් එකේ තිබ්බත් ඕඩ්‍රේට ඒ කිසිම දේකින් සතුටු වෙන්න පුලුවන්කමක් තිබුනේ නැහැ කලින් සිද්දිය නිසාම.මේ අතරේ ඔය බාර් එකට එන සමහර අය ඕඩ්‍රේට විහිළු කරනවා ඩ්‍රිව් ගැන අහලා. මේ වෙද්දී ඕඩ්‍රේගේ හිතවත්තු පවා මේ දෙන්නගේ වෙන්වීම දන්න නිසා  ඕඩ්‍රේට කට්ටිය නිදහසේ ඉන්න දෙන්නම නැති තරම්. මේ නිසාම මෝගන් ඕඩ්‍රේගේ ෆෝන් එක අරන් ඩ්‍රිව්ට මැසේජ් කරලා කියනවා ඕඩ්‍රේගේ ගෙදර තියෙන ඩ්‍රිව්ගේ බඩුමුට්ටු වලට ගිනි තියලා දානවා කියලා. මේ විත්තිය දැනගත්තම තමයි ඩ්‍රිව් ආපහු ගෙදර එන්න තීරණේ කරන්නේ. 

මේ අතරෙතුරේ ඕඩ්‍රේව CIA එකේ නියෝජිතයෝ දෙන්නෙක්ට අහුවෙලා ප්‍රශ්න කිරිල්ලකට පවා ලක් වෙනවා. මෙතනදී තමයි ඕඩ්‍රේ තමන්ගේ කලින් පෙම්වතා වෙච්චි ඩ්‍රිව් ගැන හැමදේම දැනගන්නේ. මේ වෙච්ච දේවල් කියන්න මෝගන්ව හොයාගෙන මේ අය නැවතිලා ඉන්න තැනට යද්දී එතනට ඩ්‍රිව් එනවා එයාගේ ඉතිරිවෙලා තියෙන බඩුමුට්ටු  ටික අරන් යන්න. කලින් අර දෙන්නා ඩ්‍රිව්ගේ බඩුමුට්ටු පුච්චලා දාපු නිසා මේ වෙද්දී ඉතිරිවෙලා තියෙන්නේ සූට්කේස් එකයි ෆුට්බෝල් තරගයකින් දිනපු කුසලානයකුයි විතරයි. ඕඩ්‍රේව වෙච්ච හැමදේම ඩ්‍රිව්ට කියලා මේ දෙන්න මේ ප්‍රශ්න බේරුමක් කරගන්න හදද්දී තමයි මේ අයගේ නවාතැනට පහර දීමක් සිද්දවෙන්නේ. මෙතනදී තවත් කෙනෙක්ගේ අතින් වෙඩි වදින ඩ්‍රිව් නම් එතනදී මැරිලා යනවා. මැරෙන්න කලින් ඩ්‍රිව් ඕඩ්‍රේගෙන් පොරොන්දුවක් අරගන්නවා මේ වෙද්දී අහිංසක මිනිස්සු ගණනාවකම පරදුවට තියලා තියෙන වෙලාවක් වගේම ඩ්‍රිව් ලග තියෙන කුසලානේ එක්තරා තැනකට ගිහින් බාරදෙන්න කියලා. ඒ වචන කිහිපයත් එක්ක ඩ්‍රිව් මැරිලා යනවා. මම මේ කිව්වේ චිත්‍රපටයේ මුල් විනාඩි කිහිපය විතරයි.ඩ්‍රිව් කියපු මේ ලෝක තර්ජනේ මොකක්ද, එතකොට ඩ්‍රිව් කියන්නේ ඇත්තටම හොද කෙනෙක්ද එහෙම නැත්තම් බොරුකාරයෙක්ද කියලා සම්පුර්ණ පැයයි විනාඩි හතලිස් පහයි බලලා ඔයාලම තීරණය කරගන්න.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6 77,703 votes
TMDb Rating 6.418 1,960 votes

Director

Cast

Similar titles

Nightmare Alley (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terminator: Dark Fate (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Idhu Enna Maayam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jathi Ratnalu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inception (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Rhythm Section (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hum Do Hamare Do (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sweet & Sour (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk