පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Sarvam Maya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
මලයාලම් සිනමාවේ වැටීගෙන ගියපු අපේ ආදරණීය “නිවින් පෝලි”ව ආයෙමත් කරේ තියාගෙන උඩටම උස්සපු, බොක්ස් ඔෆිස් එකේ කෝටි 150 සීමාවත් පහු කරලා ලොකු පෙරළියක් කරපු “Sarvam Maya” ෆිල්ම් එක දැන් පැය කිහිපයකට කලින් OTT හරහා නිකුත් වුනා. ඉතිං ඒකට තමයි මේ උපසිරැසිය. ලේසි නෑ, ලයින් 2700+ තිබුනා. සිංදු ඔක්කොමත් උපසිරැසියෙන් වර්ණ ගන්වලා ඇත්තේ.
මලයාලම් රසිකයින්ට ඇයි මේක මෙච්චර ස්පෙෂල් කියනව නම්,
පහුගිය කාලේ නිවින්ගේ ෆිල්ම්ස් ටිකක් අවුල් ගියානේ. හැමෝම කිව්වේ “නිවින් ඉවරයි” කියලා. හැබැයි මේ ෆිල්ම් එකෙන් මිනිහා පෙන්නලා තියෙනවා “ෆෝම් ඊස් ටෙම්පරි, ක්ලාස් ඊස් පර්මනන්ට්” කියලා. Premam, Oru Vadakkan Selfie වගේ ෆිල්ම්ස් වල අපි දැක්ක ඒ හුරතල්, අහිංසක, ඒ වගේම ආතල් නිවින් පෝලිව මේකෙන් ආයෙමත් බලාගන්න පුළුවන්. මිනිහාගේ ඒ නැචුරල් ඇක්ටින් එකයි, හිනාවයි දැක්කම ඇත්තටම හිත පිරෙනවා.
මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ අඛිල් සත්‍යන්. මතකද 2023 දී ආපු “Pachuvum Athbutha Vilakkum” (ෆහද් ෆාසිල් හිටපු) ෆිල්ම් එක? අන්න ඒක කරපු ඩිරෙක්ටර්ම තමයි. ඒ ෆිල්ම් එක වගේම, මේකත් බලල ඉවර වෙද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙන, කට පුරා හිනා වෙන්න පුළුවන් “Feel-Good” මූවි එකක්.
මේක හොරර් කොමඩියක් කිව්වට, බය හිතෙන ජාතියේ එකක් නෙවෙයි. මේක හරිම ලස්සන ෆැන්ටසි කතාවක්.
ප්රභේන්දු (නිවින් පෝලි): මෙයා ගිටාර් ගහන, මියුසික් වලට ආස, හැබැයි කිසිම දෙවියෙක්/යක්ෂයෙක් විශ්වාස නැති (Atheist) චරිතයක්. වීසා රිජෙක්ට් වෙලා, රස්සාවක් නැතුව ගමේ ඇවිල්ලා ඉන්න අතරේ තමයි මෙයාට අමුතු වැඩක් වෙන්නේ. මෙයාට දවසක් තරුණ ගෑනු ළමයෙක්ගේ ආත්මයක් (Ghost) මුණගැහෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ කෙල්ලව පේන්නේ අපේ නිවින්ට විතරයි.
තමන්ට විතරක් පේන, තමන්ගේ පස්සෙන්ම එන, කටකාර අහිංසක ආත්මයක් එක්ක තරුණ කොල්ලෙක් ගෙවන ජීවිතේ කොහොම තියෙයිද? මේ දෙන්නා අතරේ ඇතිවෙන පුදුම ලස්සන, ගැඹුරු බැඳීම තමයි ෆිල්ම් එකේ ලස්සනම දේ. ඒක නිකන්ම ආදර කතාවකට එහා ගියපු, වචනයෙන් විස්තර කරන්න බැරි ලස්සන ෆීලින් එකක්.
හොල්මන විදියට ඉන්න මේ අලුත් නිළිය ගැන ෆිල්ම් එක රිලීස් වුණ දවස්වල සෑහෙන්න කතා වුණා. එයාගේ හුරතල් වැඩ, ඇස් වලින් කරන රඟපෑම් වලට ඕනම කෙනෙක් වශී වෙනවා. නිවින් සහ රියා අතර තියෙන “කෙමිස්ට්‍රි” එක තමයි මේ ෆිල්ම් එකේ හදවත.
නිවින් පෝලි එක්ක අජු වර්ගීස් (රූපේෂ්) සෙට් වුණාම ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් සීන් ටිකක් තියෙනවා. අජු වර්ගීස් මේකේ පූසාරි කෙනෙක් (කපුවෙක්) විදියට කරන්නේ මාරම රඟපෑමක්.
ජස්ටින් ප්රභාකරන්ගේ මියුසික් ගැන ඉතින් දන්නවනේ. සින්දු ටිකයි, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි හදවතටම වදිනවා. කේරලාවේ ලස්සන පරිසරය කැමරාවට අරන් තියෙන විදියත් මාරම ලස්සනයි. ඒ නිසා සිංදු ඔක්කොමත් ඔයාලට උපසිරැසියෙන්ම බලන්න පුලුවන්.
මේක නිකන්ම හිනා වෙලා අමතක කරන්න පුළුවන් ෆිල්ම් එකක් නෙවෙයි. අන්තිම ටික වෙද්දී ඇස් වලට කඳුලක් එන තරම් සංවේදී තැන් මේකේ තියෙනවා. ජීවිතේ ගැන, බැඳීම් ගැන අමුතුම විදියට හිතන්න පුරුදු කරන කතාවක්.
පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, කුණුහරුප/අසභ්‍ය සීන් නැති, පිරිසිදු විනෝදාස්වාදයක් දෙන ෆිල්ම් එකක් ඕනේ නම්, “Sarvam Maya” තමයි මේ දවස්වල තියෙන හොඳම ඔප්ෂන් එක.
කෝටි 150ක් බොක්ස් ඔෆිස් හෙල්ලුවා කියන්නේ නිකන් වෙන්න බෑනේ. එහෙනම් දැන්ම දාගෙන බලන්න. ඩේටා ගියාට පාඩු නෑ කියල ගැරන්ට් කරන්න පුළුවන්!
Country:India
Director:Akhil Sathyan
Stars:Aju Varghese, Arun Ajikumar, Janardhanan, Madhu Warrier, Methil Devika, Nivin Pauly, Preity Mukhundhan, Raghunath Paleri, Riya Shibu, Vineeth Radhakrishnan
Year:2025
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.68 GB | 507 | |
| HD 720p | 1.79 GB | 1078 | |
| SD 480p | 945 MB | 902 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| HD 720p | 1.79 GB | 574 | |
| SD 480p | 945 MB | 419 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.68 GB | 288 | |
| HD 720p | 1.79 GB | 399 | |
| SD 480p | 945 MB | 379 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.68 GB | 205 | |
| HD 720p | 1.79 GB | 220 | |
| SD 480p | 945 MB | 216 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.68 GB | 343 | |
| HD 720p | 1.79 GB | 676 | |
| SD 480p | 945 MB | 621 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| SRT | ---- | 213 |


















