
Maa Sinhala Sub
Maa Sinhala Subtitles
Maa 2025 Sinhala Sub
Maa (2025) Sinhala Sub
Maa (2025) Sinhala Subtitles
2024 වසරේ තිරගත වූ ‘ශෛතාන්’ (Shaitaan) චිත්‍රපටය මතකද? ඒ යුනිවර්ස් එකේම දිගුවක් ලෙස, විශාල් ෆූරියාගේ අධ්‍යක්ෂණයෙන්, සුපිරි නිළි කාජල් ප්‍රධාන චරිතය රඟන “Maa” චිත්‍රපටය 2025 ජුනි 27 වන දා සිට තිරගත වීම ආරම්භ වුණා. මෙය මිත්‍යා කතා සහ බිය මුසු වූ (Mythological Horror) සිනමා නිර්මාණයක්.
කතාව කෙටියෙන්:
සැමියාගේ අද්භූත මරණයකින් පසුව, අම්මා කෙනෙක් (කාජල්) තම දියණිය සමඟ ඔහුගේ උපන් ගමට යනවා. නමුත් එහිදී, ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් වන භයානක යක්ෂ ශාපයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා. තම දියණියව බේරාගැනීම සඳහා මවක් ගන්නා අසීමිත උත්සාහය මේ චිත්‍රපටයෙන් දිගහැරෙනවා.
සමාලෝචනය සහ ප්‍රතිචාර:
👍 හොඳම දේ: කාජල්ගේ විශිෂ්ට රංගනය!
බොහෝ විචාරකයින් එකඟ වන දෙයක් තමයි, මේ චිත්‍රපටයේ කොඳු නාරටිය කාජල්ගේ රංගනය කියන එක. ඇය තම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරමින් චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා. සමහර විචාරකයින් පවසා තිබුණේ, මෙම චිත්‍රපටය නැරඹිය යුත්තේ ඇගේ රංගනය වෙනුවෙන්ම බවයි.
👎 විවේචන සහ දුර්වලතා:
කෙසේ වෙතත්, “Maa” චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර හිමිව තිබෙනවා. බොහෝ දෙනෙක් පෙන්වා දෙන පොදු දුර්වලතා කිහිපයක් මෙසේයි:
දුර්වල තිර රචනය: කතාවේ බොහෝ සිදුවීම් පහසුවෙන් අනුමාන කළ හැකි බවත්, එය එතරම් ගැඹුරකින් තොර බවත් විචාරකයින්ගේ මතයයි.
මන්දගාමී බව: විශේෂයෙන්ම චිත්‍රපටයේ පළමු භාගය අනවශ්‍ය ලෙස මන්දගාමී බවට චෝදනා එල්ල වී තිබෙනවා.
බිය අඩු වීම: Horror චිත්‍රපටයක් වුවත්, බලාපොරොත්තු වන තරම් බියක් හෝ කුතුහලයක් ජනිත කිරීමට එය අසමත් වන බව සමහරු පවසනවා.
අවසානය (Climax): චිත්‍රපටයේ අවසානය ගැන බොහෝ ප්‍රේක්ෂකයින් සෑහීමකට පත් වී නැහැ.
අවසාන වශයෙන්, “Maa” කියන්නේ කාජල්ගේ රංගන හැකියාවෙන් ඔප් නැංවූ, නමුත් තිර රචනයේ දුර්වලතා නිසා පසුබෑමට ලක් වූ නිර්මාණයක් විදියට හදුන්වන්න පුළුවන්. ඔයා කාජල්ගේ රංගනයට කැමති කෙනෙක් නම් හෝ ‘ශෛතාන්’ චිත්‍රපටයට කැමති වුණා නම්, “Maa” යම්තාක් දුරට රස විඳින්නට හැකි වේවි. කෙසේ වෙතත්, ලෝකයම හොල්ලන අලුත්ම හොරර් අත්දැකීමක් නම් බලාපොරොත්තු වෙන්න එපා.
මේකට esub එකක් නොතිබුන නිසා, මේකෙ තියෙන වැරදි අඩුපාඩු එහෙම HD ආවම හදලා අප්ඩේට් කරන්නම්.
බලන්න හදිසි කෙනෙක් ඉන්නව නම් මේ ප්‍රී එච් ඩී කොපිය බලන්න පුළුවන්.
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.21 GB | |
HD 720p | 1.57 GB | |
SD 480p | 812 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.21 GB | |
HD 720p | 1.57 GB | |
SD 480p | 812 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |