
Kuberaa Sinhala Sub
Kuberaa Sinhala Subtitles
Kuberaa 2025 Sinhala Sub
Kuberaa (2025) Sinhala Sub
Kuberaa (2025) Sinhala Subtitles
සුභම සුභ දවසක් වේවා හැමෝටම , ඔන්න ඉතින් අදත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම සිනෙරූ එකට ගොඩ උනා.හැබැයි අද නම් මට ටිකක් විශේශ දවසක් මොකද මේක තමයි මගෙ 150* වෙනි සිංහල උපසිරැසි ගැන්වීම.
2019 පටන් ගත්තු ගමන අද වෙනකොට සිංහල උපසිරැසි 150 ක් දක්වා මාව ගෙනල්ල තියෙනවා, මේක මේ නිකංම ආව ගමනක් නෙමෙයි. ගොඩක් අයගෙ මහන්සියෙ , ආදරය , දැනුම මේ හැම දෙයක්ම එක්ක ආව ගමනක්.මුලින්ම මතක් කරන්න ඕන අපේ ලොකු බොසා සමිත අයියා , මිනිහ මට මගෙ පළවෙනි සබ් එකේ ඉඳල අද වෙනකනුත් මාරම සප් එකක් දෙන්නෙ , ඊලඟට වයසින් මට වඩා ලොකු දුරක හිටියත් වරෙන් පලයන් කියාගෙන මගෙ එක්ක ඉන්න මට එදා ඉඳන් අද වෙනකල් මගෙ අඩුපාඩු හැමදේම කියල දුන්න කොටින්ම ටැමිල් ෆිල්ම් එකක් අද මේ විදිහට අසා ලියන තැනට එන්න මට දුන්න සපෝට් එක මාරයි , ඒ වෙන කවුරුත් නෙමෙයි මගෙ ගුරා පීටර් අයියා. ඉතින් ඊලඟට අංජුල , මදුවා , උචිනි අක්කා ,නිත්‍යා අක්කා, ශෙහාන් ,
මේ අය මගෙ එක්ක මුල ඉඳන්ම හැමදේකටම ලඟින් හිටියා , ඒ වගේම අපේ ඉඳුවර මල්ලි , ශාන් මල්ලිවත් මතක් කරන ගමන් අපේ සිනෙරූ වෙබ් අඩවීයෙ නම් කී , නොකී හැමෝවම ආදරෙන් මතක් කරන ගමන් , අන්තිමටම විශේශයෙන්ම මගෙ බිරිඳවත් මතක් කරනව , එයත් මේ වැඩේට මට දෙන සපෝට් එක මට ලොකු හයියක්. එහෙනම් අපි යමු ෆිල්ම් එක පැත්තට.
20 June 2025 වනදා ලොව පුරා තිරගතවීම් ඇරඹෙන මෙම චිත්‍රපටය නමින් ” කුබේරා ” පැය 2 කුත් විනාඩි 40 ක් පුරාවට දමිළ බසින් සහ තෙලිඟු බසින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස ” දනුෂ් ” රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස ” රෂ්මිකා මන්දනා ” රංඟනයෙන් එකතු වෙනවා , ඊට අමතරව චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදිහට අපි කවුරුත් දන්න තෙලිඟු සිනමාවේ කිං නාගර්ජුනා ද මේකෙ රංඟනයෙන් එකතු වෙලා ඉන්නවා. මේ වන විට IMDb මීටරය තුල 7.2/10 ක ඉතා ඉහල අගයක් සමග කුණු තක්කාලි දර්ශකයේ 4/5 ක අගයක් ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.
චිත්‍රපටය පිලිබඳව තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.
Directed by : Sekhar Kammula
Written by : Sekhar Kammula ,Chaithanya Pingali
Produced by : Suniel Narang ,Puskur Ram Mohan Rao ,Ajay Kaikala
Cinematography : Niketh Bommireddy
Edited by : Karthika Srinivas
Music by : Devi Sri Prasad
Production companies Sree Venkateswara Cinemas LLP ,Amigos Creations
Country : India
Languages : Telugu ,Tamil
Budget : ₹120–150 crore[a]
” තව දෙයක් ගොඩක් දුරට දනුෂ්ගෙ ඊලඟ නැෂනල් අවර්ඩ් එක මේක වෙන්නත් බැරි නෑ. “
කතාව මෙහෙමයි.
ඉන්දියාවෙ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් වෙන නීරජ් මිත්‍රාට එයාගෙ ව්‍යාපාරයකට කෝටි ලක්ෂයක් රජයට දෙන්න ඕන
වෙනවා , ඒකෙන් කෝටි පනස්දාහක් නීතිමය විදිහටයි තවත් කෝටි පනස්දාහක් නීතිමය නොවන විදිහටයි දෙන්න ඕන වෙනවා.
ඉතින් මේ නීතිමය නොවන විදිහට මුදල් දෙන්න මෙයාලට හොර සමාගම් කීපයක් පිහිටුවන්න ඕන වෙනවා , ඉතින් මේකට මෙයාට සම්භන්ධ නැති මේ දේවල් පිටට නොකියන 4 දෙනෙක්
හොයනවා , ඒකට මෙයාල තෝර ගන්නෙ හිඟන්නො 4 දෙනෙක්ව. මෙයාල මේ හිඟන්නො 4 දෙනාගෙ නමින් හොර සමාගම් 4 ක් විවෘත කරලා ,
කෝටි පනස්දාහක් ඇමති කෙනෙක්ට හුවමාරු කරන්න සූදානම් වෙනවා.
මේ හැමදේම දැනගන්න නම් කතාව අනිවාරෙන්ම බලන්න වෙනවා , මාම මේ නිකන් උඩින් විතරයි කිව්වෙ , මේක අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් එහෙනම් තවත් දවසක හමුවෙන
බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.
හැමෝටම බුදුසරණයි – දෙවි පිහිටයි…!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 4.46 GB | |
HD 720p | 2.19 GB | |
SD 480p | 1.11 GB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.69 GB | |
HD 720p | 2.19 GB | |
SD 480p | 1.11 GB |